(RIVIRA.LK, 2020 ජුලි 27 පස්වරු 06.30ට)
ඉන්දියන් ඔයිල් සමාගමට බදු පදනම යටතේ ලබා දී ඇති ත්රිකුණාමලය තෙල් ටැංකිවලින්, තෙල් ටැංකි 25ක් යළිත් ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ ද සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සුබවාදී තත්ත්වයක පැවි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
අදාළ බදු ගිවිසුමට අනුව ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධනය කිරීම ද සිදු කළ යුතුු නමුත් ඉන්දියන් ඔයිල් සමාගම විසින් එම සංවර්ධන කටයුතු පැහැර හැර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

