(RIVIRA.LK, 2020 ජුලි 27 පස්වරු 07.22ට)
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණ ජුලි 27 පස්වරු 6.30 වන විට 2804 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, ජුලි 27 වන දින මෙතෙක් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන ඇත.
වාර්තා වූ රෝගීන්ගෙන් 17 දෙනෙකු ම සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ. කොරෝනා ආසාදිත බවට තහවුරු වූ අනෙක් ආසාදිතයින් පස්දෙනා කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
ජුලි 27 වන දින පෙරවරු 10.00 වන විට ආසාදිතයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 672ක් වේ.
තවත් පුද්ගලයින් 80 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.
