කොවිඩ්-19

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවතට

(RIVIRA.LK, 2020 ජුලි 27 පස්වරු 09.40ට)

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ සංචරණ සීමා ජූලි 27 වන සඳුදා දින සවස ඉවත් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව, සිරිමාපුර, යාය1 හි කොටසක්, යාය 2 යන ප්‍රදේශවල පනවා තිබූ සංචරණ සීමා මෙලෙස ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ජුලි මාසයේ 12 වන දින සිට රාජාාංගනයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබූ අතර අදාළ ප්‍රදේශවල නිරෝධායන කාලසීමාවන් අවසන් වීමත් සහ සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදී කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රදේශවලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

යාය 3 , 4 , 5 සහ 6 ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් රෝගීන් වාර්තා නොවූහොත් ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රදේශවල ද සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවත් රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය වැඩිදුරටත් පවසනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top