,

මන්ත්‍රීවරුන් 115ක් එජාපයෙන් ඉවත් කෙරේ, කෘත්‍යාධීකාරි මණ්ඩලයත් අනුමත කරයි

(RIVIRA.LK, 2020 ජුලි 28 පස්වරු 12.50ට)

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජනබලවේගය නම් පක්ෂය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ සාමාජිකයින් 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

එහිදී එම තීරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් හා අභියාචනයක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය අතහැර වෙනත් පක්ෂවලින් මහමැතිවරණයට ඉදිරිපත් වන හා වෙනත් පක්ෂවලට සහය දක්වන මන්ත්‍රීවරුන් 115කගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකු, පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා සාමාජිකයින් 61 දෙනෙකු සිටින අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Rivira Ads