(RIVIRA.LK, 2020 ජුලි 28 පස්වරු 01.40ට)
රාජ්‍ය ආයතනවල මෘදුකාංග අවශ්‍යතා දේශීය ආයතනවලින් පමණක් සපුරා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දී තිබුණා.
මේ අතර රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ දී ද දේශීය ආයතනවලින් පමණක් එම මිල දී ගැනීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දේශීය ව්‍යාපාර නගා සිටුවීම සහ දේශීය අනන්‍යතාවය ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයාගේ මූලික අරමුණ යි. බත්තරමුල්ල තලවතුගොඩ පැවති ජනහමුවක දී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.
2020 මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වන ජනහමු සඳහා ජනාධිපති රාජපක්ෂ ජූලි 28 දින සහභාගී වෙමින් සිටී.

