,
Covid-19

ආසාදිතයින් 175කට සුවයි, දිනක සුවය ලැබූ වැඩිම ගණන වාර්තා වේ

(RIVIRA.LK, 2020 ජුලි 28 පස්වරු 01.53ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 28 අඟහරුවාදා පස්වරු 01.30 වන විට 2,805ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 175 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

එය මෙතෙක් දිනක දී සුවය ලබා රෝහල්වලින් පිටවූ විශාලම ප්‍රමාණය ලෙස සටහන් වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,296කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 498ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 65ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 81.85%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 175 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 06
  • වැලිකන්ද මූලික රෝහල – 02
  • ඉරණවිල මූලික රෝහල – 02
  • කාත්තන්කුඩි මූලික රෝහල – 13
  • යුද හමුදා රෝහල පනාගොඩ – 22
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 130

මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,805 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • කන්දකාඩු කොරෝනා පොකුර – 598
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 913
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31 (සුවය ලබා ඇත)
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 598ක් බවයි. ඒ අතර,

  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 482
  • කාර්ය මණ්ඩලය – 65
  • ආරාධිත කාර්ය මණ්ඩලය – 05
  • කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 44
  • වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 498 අතුරින්,

  • IDH රෝහල – 43
  • වැලිකන්ද මූලික රෝහල – 64
  • මුල්ලේරියාව මූලික රෝහල – 04
  • ඉරණවිල මූලික රෝහල – 11
  • කාත්තන්කුඩි මූලික රෝහල – 27
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 40
  • යුද හමුදා රෝහල පනාගොඩ – 17
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 02
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 289 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 154,191ක් වන අතර ජුලි 27 දින පරීක්ෂණ 1,126ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top