(RIVIRA.LK, 2020 ජුලි 28 පස්වරු 04.13ට)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය බලධාරීන් සමග ජූලි 28 දින පැවති සාකච්ඡාවකින් අනතුරුව, ක්‍රියාත්මක කරමින් සිටි වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූලි 29 දින උදෑසන 07.30 සිට ඔවුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කිරීමට කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා.
මැතිවරණයට අදාළව කොරෝනා මර්දන රාජකාරිවලදී තමන්ට බලය ලබා දී නොමැති බව පවසමින් රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමක දී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.
එසේම රාජකාරී කටයුතු සිදු කිරීමේ දී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ එකඟතාවය හිමි වී ඇති බව ද වාර්තා වේ.
ජූලි 28 දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අරලිගයගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයන්ට පැමිණ තිබෙනවා. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද එම සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

