(RIVIRA.LK, 2020 ජුලි 28 පස්වරු 10.08ට)
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ දී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ජූලි 27 දින සාක්ෂි ලබා දුන්නේය.
එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නිලන්ත ජයවර්ධන පැවසුවේ 2019 අපේ‍්‍රල් 21 දින එල්ල වූ ත්‍රස්ත ප‍්‍රහාරයේ මහමොලකරු ලෙස නව්ෆර් මවුලවි නැමැත්තා හඳුනාගෙන ඇති බවයි.
2019 අපේ‍්‍රල් ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමට සාක්‍ෂි දෙමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කියා සිටියේ බෝම්බ ප‍්‍රහාර එල්ල කළ කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් හෂීම්, එම ප්‍රහාරයේ මහමොළකරු නොවන බවයි.
තම විමර්ශනයන් අනුව හඳුනාගත් පරිදි බෝම් පිපිරවීමේ ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ වසර 19ක් කටාර්හි සිටි සහ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන ගිය අයෙකු වන නව්ෆර් මවුලවි නම් පුද්ගලයෙකු බවයි. නවුෆර් මවුලවි නැමැත්තා මේ වන විටත් රජයේ බලධාරීන්ගේ භාරයේ සිටින බව ද ඔහු කියා සිටියා.
මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්වලම කොටසක් බව පාස්කු ප්‍රහාරයට පෙර 2019 වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
“ප්‍රහාරයට මාස 10කට කලින් කිව්වා”
එසේම ත්‍රස්තවාදී ප්‍රහාරයක තර්ජනයක් ඇති බවට එම ප්‍රහාරයට මාස 10කට පෙර දී එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත දැනුම් දුන් බව ද හිටපු රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා කොමිසමට පැවසීය.
ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියේ සහරාන් හෂිම් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදීත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවු බවයි.
කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරීම් හමුවේ, තම ධූර කාලය තුළ බුද්ධි තොරතුරු අභ්‍යන්තර ඒකක අතර හුවමාරු කර ගැනීම නිසි පරිදි සිදු නොවූ බව පිළිගත්තේය.
කෙසේ වෙතත්, තමන් සැපයු වාර්තාවලට කිසිදු සාධනිය ප්‍රතිචාරයක් නොලද බව පැවසු හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාතික ආරක්ෂක කවුන්සලය සම්බන්ධයෙන් මීටත් වඩා තොරතුරු ලබාදිය හැකි වුවද, ජාතික ආරක්ෂාවට අදාළ කරුණු හෙළිදරව් කළේ යැයි තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බැවින් වැඩිදුර තොරතුරු ජනාධිපති කොමිසමේ සාමාජිකයන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවේ පමණක් ඉදිරිපත් කළ හැකි බවයි.
“පූජනීය ස්ථාන ඉදි කිරීම නියාමනයට නීතියක් ඕනෙ බව නීතිය හා සාමය ඇති රංජිත් මද්දුමබන්ඩාරට කිව්වා”
සියළුම ආගමික පූජනීය ස්ථාන ඉදිකිරීම නියාමනය කිරීම සඳහා වන නීති රාමුවක අවශ්‍යතාවය පිළිබඳව 2018 දී එවකට නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර වෙත දැන්වූ බව ද නිලන්ත ජයවර්ධන පැවසුවේය.
පසුගිය රජය යටතේ සෑම ආගමක් සඳහාම අමාත්‍යාංශ පිහිටුවීම, නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකර ඔවුන්ගේ ආගම්වලට අදාළ පූජනීය ස්ථාන ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට විෂය අමාත්‍යවරුන්ට ඉඩ ලබා දුන් බව ඔහු පැවසීය.
ඇතැම් මුස්ලිම් පල්ලි ඉදිකිරීම සඳහා විදේශ අරමුදල් ලැබී ඇති බවත්, නිල බැංකු ගිණුම් හරහා මෙම ගනුදෙනු සිදු වී නොමැති බවත් සාක්ෂිකරු කොමිසමට පැවසීය.ෙ

