(RIVIRA.LK, 2020 ජුලි 29 පස්වරු 04.10ට)
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මෙරට විශිෂ්ඨතම රාජ්‍ය සේවකයාට හිමි සම්මානයකින් පවා පිදුම් ලැබූ පුද්ගලයෙකි. එසේම ඍජු රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහුව නිරතන්තරයෙන් ගෞරවයට පාත්‍ර විය.
එහෙත් පසුගිය කාලය තුළ මහින්ද දේශප්‍රියගේ ක්‍රියාකලාපය වරින් වර විවිධ පාර්ශවයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ඒවා හුදු දේශපාලනික චෝදනා බවට ඇතැමුන් පෙන්වා දෙනු ලැබුවා.
එහෙත් පසුගිය කාලය පුරාවටම එම කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් විසින් සිදුකළ විවිධ පක්ෂග්‍රාහී ප්‍රකාශ හේතුවෙන් මැතිවරණ කොමිසම පිළිබඳ ජනතාවට තිබූ විශ්වාසය බිඳ වැටෙද්දී පවා බොහෝ දෙනෙකු කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බැවින් තවදුරටත් එම කොමිසම සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැකි බවයි.
එසේම මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් මහින්ද දේශප්‍රිය ඉවත් කර තමන්ට හිතවත් සාමාජිකයෙකු එහි සභාපතිධූරයට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ කණ්ඩායමක මඩ ගැසීම් කිහිපයක් ද පසුගිය කාලය තුළ සිදු වී තිබුණා.
මැකො සභාපතිධූරයෙන් මහින්ද දේශප්‍රිය ඉවත් කිරීමට දැවැන්ත මඩ මෙහෙයුමක්
මේ අතර මෙවර එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු මෙන්ම සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු ද වන ඕෂල හේරත් විසින් හෙළිදරව් කළ දුරකතන සංවාද කිහිපයක් සහිත හඬපට හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අලුතින් චෝදනා කිහිපයක් එල්ල වී තිබුණා.
අදාළ දුරකතන සංවාද හා මුණ ගැසී සිදුකළ සංවාදවල බව කියන හඬපටවල එක් පාර්ශවයක් බවට සැක කෙරෙන්නේ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යි. එහි දී “සමගි ජන බලවේගය” නම් පක්ෂය පිළිගැනීමේ දී බරපතල අක්‍රමිකතාවයක් සිදුවීම පිළිබඳ කරුණු අනාවරණය වන අතර ඕෂල හේරත් විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් ද පැවරීමට කටයුතු කළේ ය.
කෙසේ නමුත් තාක්ෂණික හේතු මත අදාළ පෙත්සම ප්‍රතික්ෂේප වුවද ඔහු විසින් පසුව හෙළිදරව් කළ හඬපට ඔස්සේ ඔහු කළ චෝදනාව සනාථ කෙරෙන ආකාරයේ සාක්ෂි ඇතුළත් වී ඇති බව දකින්නට ලැබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, කිසිඳු ආකාරයකින් වාර්තා නොකර සිටීම ද විශේෂත්වයකි. මේ අතර මේ වන විට ෆේස්බුක් ආයතනය මගින් නිල ගිණුම බවට තහවුරු කර තිබූ මහින්ද දේශප්‍රියගේ නිල ෆේස්බුක් ගිණුම ද අක්‍රීය කර ඇති බව පෙනී යයි.
මේ අතර ඕෂල හේරත් විසින් මහින්ද දේශප්‍රිය තමන් හා සිදුකළ බව කියන හමුවීම් සහ සාකච්ඡා කිහිපයක් සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් සහිතව මැතිවරණ කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මාධ්‍ය ආයතන වෙත ද පිටපතක් සහිතව යොමු කර ඇති ලිපිය සම්පූර්ණයෙන්ම පළ කිරීමට අප තීරණය කළා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ පිළිතුරක් ද ඉදිරියේ දී පළ කිරීමට රිවිර.lk බලාපොරොත්තු වෙමු.
සම්පූර්ණ ලිපිය පහතින්.
“මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ දුෂිත ක්‍රියාවන්
මම එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයෙකි. මැතිවරණ කොමිසම විසින් සමගි ජන බලවේගය පිළිගැනීමට ලක් කිරීම අවිදිමත් බව නිසා ඉට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කිරමට කටුයුතු කලේද මමයි. ඔබ දන්නා පරිදි එම නඩු කටයුත්ත තාක්ෂණික හේතු මුල් කරගෙන මුලික විරෝධත හමුවේ විභාගයට නොගෙන නිෂ්ප්‍රභා විය.
කෙසේ නමුත් අපේ ජාතික පෙරමුණ පක්ෂය එහි නම වෙනස් කිරීම, එම පක්ෂයේ ව්‍යවස්ථාව වට කරන ලද වෙනස් කමකි. එම පක්ෂයේ ව්‍යවස්ථාවේ 10 වන පරිච්ජේදයට අනුව ව්‍යවස්ථාව හෝ එහි නිලධාරින් වෙනස් කිරීම එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සතු බලයකි. කෙසේවෙතත් මැතිවරණ කොමිසම් සභාව 22 – 07 – 20 දින, ලේකම් සමගි ජනබලවේගය වෙත යොමු කරන ලිපියට අනුවද 06-02-2020 දිනැතිව ඉදිරිපත් කරන ලිපියටද අනුව මෙම තීරණ ගැනීම එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව විසින් ගෙන නොමැති බවද තහවුරු වේ.
මා විසින් 09-03-20 දින මේ පිළිබද තොරතුරු විමසමින් එවන් ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මා හට මැතිවරණ කොමිසමේ සභාපති වරයා 14-03 -2020 ලබා දුන් සාකච්ජා වේ දී මෙම කරුණු තවද තහවුරු කල පරිදි, එම සංශෝධන වලට අදාලව 02-02 -20 දින පවත්වන ලද සමස්ත ලංකා කාරක සභාවේ රැස්වීමක වාර්තා 13 -03-2020 දින මැතිවරණ කොමිසමට එම පක්ෂයේ ලේකම් සේනක ද සිල්වා මහතා විසින් ගෙනවිත් දුන් බවත්, එම ලියවිලි සදහා 02-03-2020 දිනට පෙර දිනයක දින මුද්‍රාව තබන ලෙස ඉල්ලීමක් කල බවත් සභාපතිවරයා විසින් මට ප්‍රකාශ කළා. නමුත් ඔහු විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් 13-03-2020 දින මුද්‍රාව ඊට ලබා දුන් බවත් කියා සිටිය.
තවද මැතිවරණ කොමිසාරිස් ජෙනරාල් වරයා විසින් මේ ක්‍රියා සිදු කිරීමේදී ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් එය ඉතාමත් අක්‍රමවත්ව සිදු කර ඇති බවට කියා සිටියා. ඔහු විසින් නිල වශයෙන් මාට ලබා දුන් එම සාකච්ජාවේ සටහන් මම හඬ පටි කරන්නට කටයුතු කලේ ඔහු එම මිටිමට, සමගි ජනබල වේගය නියෝජනය කරමින් එහි නියෝජිතයන් ගෙන ඒමට කටයුතු කරන බවට මට 13-03-20 දින දුරකතන ඇමතුමක් ලබා දෙමින් කියා සිටි නිසයි.
කෙසේවතත් මිට අදාළව මැතිවරණ කොමිසම කිසිම පියවරක් නොගැනීම නිසා මම 27-7-20 දින පුවත් පත් සකච්ඡාවක් කැඳවීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හට දන්වා සිටියා. ඔහු ෆේස්බුක් මැසෙන්ජර් හැර දිගින් දිගටම ආයාචනය කරමින් ඉල්ලා සිටියේ ඔහුට මා මුණගැසී උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි. මම එය දිගින් දිගටම මග හරියත්, ඔහු 24-07-2020 දින දුරකතනයෙන් අමතා කියා සිටියේ ඔහුට කොහොම හරි සෘජුව මුණ ගැසීමට අවස්ථා වක් ලබා දෙන ලෙසයි. එහිදී මම ඔහුට කියා සිටියේ මට ඔහු නිල වශයෙන් මුණ ගැසිමට අවශ්‍යතාවක් නොමැති නිසා හමුවෙන්නේ නම් එය මැතිවරණ කොමිසමේ පිටත ස්ථානයක හමුවෙන ලෙසයි. ඔහු එවිට එයට එකගතාව පල කරා.
පසුව 25-07-20 දින මා හට දුරකතනයෙන් ඇමතු රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ මම මහින්ද දේශප්‍රිය මුණ ගැසීමට කැමැත්ත පල කල බව ඔහුට දැනම් දුන් බවත් මා හට මැතිවරණ කොමිසමේ අනෙක් දොරටුවෙන් පැමිණ ඔහුව හමුවී කටත් නොදැන ඔහු හමුවිය හැකි බවයි. මම එය ප්‍රතික්ෂේප කල නිසා පසුව ඔහු මට කතා කර කියා සිටිය මහින්ද දේශප්‍රිය මාව රාජගිරියේ පිහිටි සේක්‍රට් හාට් පල්ලියේ දී මුණ ගැසිමට යෝජනා කල බවයි.
පසුව මම එදිනම සවස 2කට එසේ මුණ ගැසීමට එකග වුයේ, ඔහු විසින් මට වසං කරන ඉල්ලා සිටින මේ කරණා තවත් මෙවැනි නිල නොවන රහසිගත සාකච්ජා පැවැත්වීම හරහා තහුවරු වන නිසාවෙනි. එහිදී මම මෙම අවස්ථාව උපාය දුතයකු ලෙස කටයුතු කිරීමට තීරණ කරමින් එම සාකච්ජාද රහසිගතව පටිගත කරන්න කටයුතු කලා. එම අවස්ථාට ඔහු රවී කරුණානායකද සහභාගී කරවා ගන්න කටයුතු කලා. ඔහු එතැනට පැමිණෙන විට මැතිවරණ කොමිසමේ සමන්ත ජයසිංහ නම් නියෝජය මැතිවරණ කොමසාරිස් වරයෙක් කැටුව පැමිණියත්, පල්ලිය පිටු පස පැත්තේ කාමරයක සිදුවූ එම සාකච්ඡාවට ඔහු සහභාගී නොකරගෙන ඉන් පිටත බoකුවක වාඩි කර තැබුවා.
අදාල සාකච්ජාවේදී ද ඔහු දිගින් දිගටම ඔහු විසින් කියා සිටියේ සමගි ජනබලවෙගය ලියා පදිංචියෙදී සිදුවී ඇති ඔහුවිසින් මා හට කියන ලද සත්‍ය තොරතුරු ඇතුලත් හඩ පට මාධ්‍යට නිකුත් නොකරන ලෙසයි. මේ පිළිබද ඔහු මට එම සාකච්ඡා වෙන් පසුව ගත් දුරකථන ඇමතු වලින්ද ආයාචනය කළා. මේ කරුණු තහවුරු කිරීමට මා සතුව සියලුම හඬ පට තිබේ.
එපමණක් නොව ඔහු එක්සත් ජාතික පක්ෂෙය් නායක හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතමින්ද මා විසින් මැතිවරණ කොමිසමේ අක්‍රමවත් සහ දුෂිත කටයුතු පළිබදව කරන හෙළිදරව් නතර කරන මෙන් ඉල්ලා ඇති බවට පක්ෂ නායකත්වය විසින් දැනුම් දුන්නා. මෙසේ දේශපාලඥයන් සමග ගණුදෙනු කරන මැතිවරණ කොමිසමේ සභාපතිත්වය යටතේ පවත්වන මැතිවරණ ඉතිහාසයේ දුෂිතම මැතිවරණයක් වනු බව මගේ විශ්වාසයයි.
ඇත්තටම මේ ලිපිය ලියන මට, විශේෂයෙන් මහින්ද දේශප්‍රිය මහතා විසින් කියා ඇති කරුණු වලට අනුව ඔහුගේ භාවිතය සහ සමන්ත ජයසිංහගේ භාවිතය අනුව මැතිවරණ කොමිසම ගැන කිසිදු විශ්වාසයක් නොමැති අතර, මේ පිළිබද වෙන පැමිණිලි කිරීමට අධිකාරියක් මා නොදන්නා බැවින්, හොරාගේ අමමාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වන්නා සේ මෙසේ ලිවීමට කටයුතු කරමි. මැතිවරණ කොමිසම සහ එහි ඉතිරි සමාජිකයින් දෙදෙනා ගැන විශ්වාස ජනතාව තුල ගොඩ නැගීම ඔබ සතු වගකීමක් බව අවධාරණය කරමි. මා මෙහි සදහන් කරන කරුණු ගැන වගකීමෙන් පෙනී සිටිමි. මේ ලිපිය සියලු මාධ්‍යන්ට සහ රජයේ ඉහල බලධාරීන්ට මේ සමග යොමු කරන බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමි.
ස්තුති
ඕෂල හේරත්
පිටපත් :
ගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
ගරු කරු ජයසුරිය - ව්‍යවස්ථාදායක සභාවේ සභාපති
එක්සත් ජාතික පක්ෂ මහාලේකම් තුමා
සභාපති - අල්ලස් කොමිෂන් සභාව
නියෝජය පොලිස්පති මැතිවරණ
සියලු මාධ්‍ය ආයතන වල පුවත් කතෘ වරුන්
“

