(RIVIRA.LK, 2020 ජුලි 29 පස්වරු 01.01ට)
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජූලි 30 දින සඳහන් කර තිබේ.
ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් ජූලි 30 දින අංක 241/2020 දරණ නිවේදනයෙන් අනාවරණය කර තිබෙනවා.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.
තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා මෙන්ම නිරෝධායන කටයුතු සඳහා ද යොමු කර ඇති බව සඳහන්.
ආසාදිතයෙකු හමුවීමත් සමග ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇති බව ද පොළොන්නරුව ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

