(RIVIRA.LK, 2020 ජුලි 30 පස්වරු 01.35ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 30 බ්‍රහස්පතින්දා පස්වරු 01.00 වන විට 2,811ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 1ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,333කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 467ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 86ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 82.99%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 16 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- වැලිකන්ද මූලික රෝහල – 10
- කාත්තන්කුඩි මූලික රෝහල – 04
- යුද හමුදා රෝහල පනාගොඩ – 02
මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,811 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- කන්දකාඩු කොරෝනා පොකුර – 600
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 917
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31 (සුවය ලබා ඇත)
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
- වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
මේ වන විට කන්දකාඩු පොකුරට අදාළ ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ද සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. ඒ අනුව මේ වන විට ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන් සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.
මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 600ක් බවයි. ඒ අතර,
- පුනරුත්ථාපනය වන රැඳවියන් – 483
- කාර්ය මණ්ඩලය – 66
- ආරාධිත කාර්ය මණ්ඩලය – 05
- කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 44
- වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 467 අතුරින්,
- IDH රෝහල – 43
- වැලිකන්ද මූලික රෝහල – 47
- මුල්ලේරියාව මූලික රෝහල – 05
- ඉරණවිල මූලික රෝහල – 10
- කාත්තන්කුඩි මූලික රෝහල – 21
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 42
- යුද හමුදා රෝහල පනාගොඩ – 14
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 00
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 285 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 156,943ක් වන අතර ජුලි 29 දින පරීක්ෂණ 1,403ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

