(RIVIRA.LK, 2020 ජුලි 30 පස්වරු 08.44ට)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් ජූලි 30 දින සොයාගනු ලැබුවා.
අදාළ සංවිධානාත්මක අපරාධකරුගේ සහයකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට පත්ව ඇති අතර බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී කළ වැටලීමක් එම උකුස්සා සහ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන බව ද පොලීසිය පවසනවා.
මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව වනජීවි නිලධාරීන් පවසනවා.
මෙම උකුස්සා තබාගෙන ඇත්තේ සත්ත්ව ගොවිපළක වන අතර අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු එම සත්ත්ව ගොවිපළේ හිමිකරු බව ද අනාවරණය වී තිබෙනවා.
එසේම මෙම සත්ත්වයා වෙනත් රටක සිට බෝට්ටුවක් මගින් මෙරටට ගෙන ආ බවට ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා පවසා ඇති අතර දැනට සැක කෙරෙන්නේ එම සත්ත්වයාව අදාළ කටයුතු සඳහා වෙනත් රටක දී පුහුණු කර ඇති බවයි.
කිලෝ 15ක් පමණ බරක් ඔසවාගෙන යා හැකි බව සැළකෙන මෙම උකුසු වර්ගය “කුස ඇලි මුහුදු උකුස්සා” නම් උකුසු විශේෂයකට අයත්වන බව සැළකෙනවා.

