(RIVIRA.LK, 2020 ජුලි 31 පෙරවරු 10.40ට)
රාජාංගනය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් ජුලි 31 වන සිකුරාදා දින සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරේ. රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක පැවසුවේ, සංචරණ සීමා පනවා තිබූ ගම්මාන 05 ක සංචරණ සීමා මෙලෙස ඉවත් කරන බවයි.
එමෙන්ම, රාජාංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ස්වයං නිරෝධායනය ලක් කළ පිරිසෙන් සියයට 90 ක් පමණ මේ වනවිට නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර ඇති බව ද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය ජූලි 27 වන සඳුදා දින සවස රාජාංගනය ප්‍රදේශයේ සිරිමාපුර, යාය1 හි කොටසක්, යාය 2 යන ප්‍රදේශවල පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට ද පියවර ගන්නා ලදී.
ජුලි මාසයේ 12 වන දින සිට රාජාාංගනයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබූ අතර අදාළ ප්‍රදේශවල නිරෝධායන කාලසීමාවන් අවසන් වීමත් සහ සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදී කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රදේශවලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

