දේශීය පුවත්

ප්‍රේමලාල් ජයසේකරට මරණීය දණ්ඩනය නියම වෙයි

(RIVIRA.LK, 2020 ජුලි 31 පස්වරු 04.35ට)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

2015 ජනාධිපතිවරණය සමයේ දී කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ අනුව, මරණ නියම වු සෙසු විත්තිකරුවන් වන්නේ, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වේ.

Rivira FB Group Rivira Youtube
To Top