,
News

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(RIVIRA.LK, 2020 අගෝස්තු 01 පෙරවරු 08.54ට)

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ජුලි 31 වන දින අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ජුලි 31 වන දින උදෑසන 7.05ට පමණ ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි. පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

2013 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනා ය. එම සිද්ධියට අදාළ ගිනි අවි ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබු නමුත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, ආයුධ සොයාගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින්, මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බව ප‍්‍රකාශ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ, ශානි අබේසේකර විසින් අදාළ ස්ථානයට ගිනි අවි ගෙනවිත් දමා ඒවා එම ස්ථානයෙන් සොයාගත් බවට අසත්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බවට එහිදී
කරුණු අනාවරණ වී ඇති බවයි.

Rivira Ads
To Top