අපරාධ වාර්තා

උකුස්සාගෙන් පසු කුඩු බෙදන පූසෙක් වැලිකඩින් හමුවෙයි, වැඩි විස්තර මෙන්න

(RIVIRA.LK, 2020 අගෝස්තු 01 පස්වරු 07.47ට – යාවත්කාලීන කිරීම පස්වරු 09.32ට)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් ජූලි 30 දින සොයාගනු ලැබුවා.

මේ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට බළලෙකුගේ සිරුරේ ගැටගසා සූදානම් කර සිටියදී අගෝස්තු 01 දින සොයාෙගෙන තිබෙනවා.

බළලෙකු ලවා හෙරොයින් මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට එවීමට ඇති සූදානමක් සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව බුද්ධි නිලධාරීන් විසින් කරන ලද විමර්ශනයක දී මෙම බළලාව සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී ඇති බවද සඳහන්.

එහිදී අදාළ බළලාගේ බෙල්ලේ හෙරෙයින් අඩංගු කුඩා පැකට්ටුවක් ගැට ගසා ඇති ආකාරය දකින්නට ලැබී තිබෙනවා.

බළලාට බැඳ තිබූ කුඩා පැකට්ටුව තුළ හෙරොයින් ග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක්, සිම් කාඩ්පත් 2 ක් සහ මෙමරි චිපයක් තිබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top