2020 මහමැතිවරණය

අගමැති සාකච්ඡාවෙන් පසු වරාය වැඩ වර්ජනය අවසන්

(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පෙරවරු 11.22ට – යාවත්කාලීන කිරීම පස්වරු 01.13ට)

වරාය වෘත්තිය සමිති විසින් දියත් කළ වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. ඒ අගෝස්තු 02 පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවැත්වූ සාර්ථක සාකච්ඡාවේ දී ඇති වූ එකඟතාවයන් මතයි.

එම එකඟතා සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවලදී වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළා.

අගමැති සමග සාකච්ඡා සාර්ථකයි, වර්ජනය ගැන අවසන් තීරණය පැය කිහිපයකින්

වැඩ වර්ජනයේ හා සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර අගෝස්තු 02 පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක බව වරාය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළා.

එහෙත් වර්ජනය අවසන් කිරීම පිළිබඳ තීරණය වරාය අභ්‍යන්තර වෘත්තීය සමිති සියල්ල සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී ගනු ලබන බව ද වරයා වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළා.

අගමැතිවරයා සමග සාකච්ඡාවට යාමට පෙර වරාය වෘත්තීය සමිති කියා සිටියේ තම ඉල්ලීම් සඳහා අගමැතිවරයා විසඳුම් ලබාදුන්හොත් දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි.

ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පැවසුවේ, වරාය සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට මේ වන විට දින 5 ක් ගත වී ඇති බවයි. එහෙත් අගෝස්තු 01 දින අධිකරණයෙන් ලබා දුන් නියෝගය ප්‍රකාරව ඊට අවනත වූ බව ද සේවක සංගමයේ සභාපතිවරයා කියා සිටියා.

කොළඹ වරාය සේවයකින් මෙම වැඩවර්ජනය හා සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පාදක වූයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම සඳහා යහපාලන රජය සමයේ ඇතිකරගෙන ඇති ගිවිසුම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.

මීට පෙර ද වරාය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක් ගෙන තිබූ අතර එහිදී නැගෙනහිර පර්යන්තයේ ගොඩබෑමට ගෙනා ගැන්ට්‍රි දොඹකර එහි ගොඩ නොබෑමට විරෝධය පළ කරමිනි.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ වත්මන් රජය කිසිඳු රාජ්‍ය දේපළක් විකිණීමේ ප්‍රතිපත්තියක නොමැති බවයි. එබැවින් වහාම අදාළ ගැන්ට්‍රි දොඹකර නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට නියෝග කළේය.

Rivira FB Group Rivira Youtube
To Top