(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පස්වරු 12.16)
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදිත මවක් විසින් බිහි කළ දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.
ඩුබායිහි සිට ජූලි 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ජූලි 21 දින හඳුනාගෙන තිබුණා.
ඒ අනුව අදාළ කාන්තාව ආසාදිත ගැබිණි මව්වරුන් සඳහා වන විශේෂ ඒකකයට ජූලි 23 දින ඇතුළත් කර තිබූ අතර ජූලි 31 පස්වරුවේ දරු ප්‍රසූතිය සිදු කර තිබෙනවා.
වෛද්‍යවරුන් පවසන්නේ මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වමින් අදාළ සීසර් සැත්කම සිදුකිරීම එහිදී මුහුණදුන් ප්‍රධාන අභියෝගය බවයි. එහිදී ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි.
දරුවාට වෛරසය ආසාදනය වී නොතිබුණත් මව සහ දරුවා වෙනම කුටියක් තුළ එකට සිටින බැවින් මවට ද විශේෂ උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

