,
Covid-19

තවත් 75කට සුවයි, සක්‍රීය ගණන 290 දක්වා පහළට

(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පස්වරු 01.49ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 02 ඉරිදා පස්වරු 01.30 වන විට 2,815ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 75 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,514කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 290ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 45ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 89.30%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 75 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 04
  • වැලිකන්ද මූලික රෝහල – 04
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 03
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 64

මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,815 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • කන්දකාඩු කොරෝනා පොකුර – 601
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 919
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 32
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,815 දෙනා මෙසේ ද වර්ගීකරණය කළ හැක.

  • විදේශයන්ගේ සිට පැමිණි සමස්ත ආසාදිතයින් – 952
  • නාවික හමුදා පොකුර – 950
  • කන්දකාඩු පොකුර – 601
  • වෙනත් දේශීය ආසාදිතයින් – 313

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ දී කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පිරිස 1,864ක් ලෙස හඳුනාගත හැකි අතර 952ක් වෙනත් රටවල දී ආසාදනය වී මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 601ක් බවයි. ඒ අතර,

  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 483
  • කාර්ය මණ්ඩලය – 66
  • ආරාධිත කාර්ය මණ්ඩලය – 05
  • කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 46
  • වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 290 අතුරින්,

  • IDH රෝහල – 28
  • වැලිකන්ද මූලික රෝහල – 46
  • මුල්ලේරියාව මූලික රෝහල – 05
  • ඉරණවිල මූලික රෝහල – 11
  • කාත්තන්කුඩි මූලික රෝහල – 10
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 36
  • යුද හමුදා රෝහල පනාගොඩ – 13
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 00
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 141 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 162,090ක් වන අතර අගෝස්තු 01 දින පරීක්ෂණ 1,864ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top