,
Criminal Records

සැඟව සිටි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පස්වරු 04.13ට)

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අගොස්තු 02 දින කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීෂිය පවසයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි. ඒ අනුව ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ජූලි 22 වන දිනයි.

ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණය වෙත භාර වී තිබුණා. ඒ අනුව ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළා.

එහෙත් දින ගණනාවක් තිස්සේ පොලීසියෙන් සැඟව සිටි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වූ අතර ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි අප්‍රසාදයක් පොලීසිය වෙත එල්ල වී තිබුණා.

ඒ අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කුරූනෑගල දී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. අත්අඩංගුවට පත් වූ අනුරුද්ධ සම්පායෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට නියමිතයි.

Rivira Ads
To Top