(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පස්වරු 05.10ට)
2020 මහමැතිවරණය සඳහා තරඟ කරන නව දේශපාලන පක්ෂ අතුරින් අපේ ජනබල පක්ෂයට ප්‍රබල ජනප්‍රියත්වයක් හිමිව ඇති බව එම පක්ෂය පවසනවා. ඔවුන් පවසන්නේ දිවයින පුරා ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙන බවයි.
අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කර සිටියේ “රටේ ඉඩම් නීති විරෝධීව අත්පත් කරගනිමින්, ජාතියේ දරුවන් වදකරමින් දියත්වන ඉස්ලාම් මූල ධර්මවාදය අතු ගා දැමීමට කටයුතු කළ යුතුයි. තව දුරටත් අපේ පාලකයන්ට අන්තවාදින් සමග දේශපාලන සූදු කෙලින්නට ඉඩ දෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම මූලධර්මවාදය පෝෂණය කරන මූලධර්මවාදී ඊනියා විශ්වවිද්‍යාල ඇතුළු සියලු අන්තවාදී අධ්‍යාපන ආයතන සහමුලින්ම වසා දැමිය යුතුයි. ඒ වෙනුවෙන් කළ යුතු සටන අපි ඉදිරියට ගෙන යනවා.” යනුවෙනි.
එසේම අපේම ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා සුනේත්‍රා සමරකෝන් සඳහන් කළේ “ඉතිහාසයේ නොවූ විරූ ලෙස ගොඩනැගෙන ජනතා බලය වන අපේ ජන බල පක්ෂය පාර්ලිමේන්තු උත්තරීතර සභාවේ තීරක බලය ලබගන්නවා. එය කොඩිය ලකුණ යටතේ දිවයින පුරා ගොඩනගන ලෙසත් අපේ සඟ රජුන් පාර්ලිමේන්තු අසුන කරා ගෙනයෑමේ ජාතික වගකීම ඉටු කිරීමට මූලික වන ලෙසත් මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින” බව ඇය සඳහන් කළා.
අපේ ජනබල පක්ෂය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් ගොඩ නැගුණු නව බලවේගයකි. ඥානසාර හිමියන්ගේ නාමයෝජනා ඇතුළත් කුරූනෑගල ලැයිස්තුව ප්‍රතික්ෂේප වුවද උන්වහන්සේව ජාතික ලැයිතුවෙන් ලැබෙන මන්ත්‍රීධූරයෙන් හෝ අනිවාර්යෙන් පත් කරන බව අපේ ජනබල පක්ෂය පවසයි. එහි මහලේකම්වරයා ඉල්ලා සිටියේ එබැවින් කොඩිය ලකුණ දිනවා උන්වහන්සේව ද පාර්ලිමේන්තු යැවීම යුතුකමක් සේ සළකා කටයුතු කරන ලෙසයි.

