,
Criminal Records

හෙරොයින් කිලෝ 1ක් සමග යුවලක් බොරලැස්ගමුවේ දී කොටුවෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පස්වරු 06.21ට)

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1ක පමණ ප්‍රමාණයක් සමඟ යුවළක් බෙල්ලන්විල ප්‍රදේශයේ දී අගෝස්තු 02 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමහිදී මෝටර් රථයකින් හෙරොයින් ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී බොරලැස්ගමුව පොලීසිය විසින් එම යුවළ සහ කුඩු තොගය අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව ඔවුන්ගේ නිවස ද පරීක්ෂා කර තිබෙනවා.

එහිදී තවත් හෙරොයින් ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට බොරලැස්ගමුව පොලීසිය සමත්ව තිබෙනවා.

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rivira Ads
To Top