2020 මහමැතිවරණය

මගේ පාලන සමයේ මෙරට මසක ආදායම රු.මිලියන 150,000ක්, ඡන්දය භාවිතා නොකිරීම පාපයක් – රනිල් කියයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පස්වරු 09.14ට)

තමන් අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙරට රජයේ මාසයක ආදායම රුපියල් මිලියන 150,000ක් බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

අගෝස්තු 02 දින මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා සඳහන් කළේ, ජනතා විශ්වාසය ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.

හිටපු අගමැතිවරයා අවධාරණය කර සිටියේ 2020 මහ මැතිවරණයේ දී සියලු දෙනාට තම ඡන්දය භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවයි. තමන්ට හිමි ඡන්දය භාවිතා නොකිරීම විශාල පාපයක් බව ද අගමැතිවරයා පෙන්වා දුන්නා.

Rivira FB Group Rivira Youtube
To Top