(RIVIRA.LK, 2020 අගෝස්තු 02 පස්වරු 09.50ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 02 ඉරිදා පස්වරු 08.30 වන විට 2,822ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අගෝස්තු 02 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 07ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 75 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
කන්දකාඩු පොකුරට අදාළ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සිවිල් ආරක්ෂක භටයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළමු කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසුව ඔහුගේ ආශ්‍රීතයින් හඳුනාගෙන ඒ අතුරින් 980 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විටත් සිදුකර අවසන් බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,514කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 297ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
