(RIVIRA.LK, 2020 අගෝස්තු 03 පස්වරු 12.28ට)
2020 මහ මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරුණි. ඒ අනුව, මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 දිනය අවසන් වන තෙක් කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කාලය තුළ ප්‍රචාරක කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.
එසේම අගෝස්තු 03 පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ නිහඬ කාලය තුළ මැතිවරණ නීති කඩකරන ඕනෑම පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර මැතිවරණ නීතිය උල්ලංගනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක හසිත මුහන්දිරම් ප්‍රවර්ධනය කෙරෙන ආකාරයේ ස්ටිකර් අලවා ගමන් කරමින් තිබූ වාහන හතරක් අගෝස්තු 03 දින ඇහැලියගොඩ නැදුරණ මාර්යේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රත්නපුර පොලීසිය පවසයි.
අපේක්ෂකයා නොමැතිව කිසියම් වාහනයක අපේක්‍ෂකයෙකුගේ නම, පක්‍ෂ ලාංඡනය, මනාප අංකය ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එලෙස ප්‍රදර්ශනය වන වාහන කිහිපයක් කිරිඇල්ල පොලිස් වසමේ ගමන්කරන බවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමක දී අදාළ වාහන 4 අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිස් අධිකාරිවරයා සඳහන් කළා.
වාහන 4 සමග ඒවා පැදවූ රියදුරන් ද අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් රත්නපුර පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

