(RIVIRA.LK, 2020 අගෝස්තු 03 පස්වරු 01.03ට)
තමාට එරෙහිව කරන ලද බොරු චෝදනා හා මඩ ගැසීම්වලින් තමන් අධෛර්යයට පත් නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.
අගෝස්තු 02 ඉරිදා මහ මැතිවරණය සඳහා පැවති මැතිවරණ ප්‍රචාරක රැලි අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියාවන් නිසා තම ජනප්‍රියත්වය ඉහළ යනු ඇති බවයි.
තමා කිසිසේත් මහජන මුදල් අනිසි ලෙස භාවිතා කර නොමැති බව ද ඔහු කියා සිටියා. “මම මහජන මුදල් අනිසි ලෙස භාවිතා කර ඇති බවට සමහරු චෝදනා කරනවා. මම නිවාස අමාත්‍යංශයේ සිටි කාලය තුළ මහජන මුදල් උපයෝගී කරගනිමින් තේ කෝප්පයක්වත් පානය කර නෑ. මම මහජන මුදල් භාවිතා කළේ දාගැබ් 25 ක් තැනීමටයි. එය දාගැබ් 1000 ක් ඉදිකිරීමේ වැඩසටහනේ පළමු අදියරයි.” යැයි ද ඔහු පවසා සිටියා.
එසේම තමා දේශපාලනයට පැමිණි අවස්ථාවේ සිටම මඩ ගැසීම්වලට ලක්ව ඇති බව ද සජිත් ප්‍රේමදාස කියා සිටියා. “මඩ ගැසීම හොඳ දෙයක්. මොකද එය ඔබේ ජනප්‍රියත්වය වැඩි කරනවා” ඔහු පැවසීය.
එසේම තමා පිහිටුවන නව රජය යටතේ අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලි බිල්පත් අය නොකරන බවත් එසේ දැනටමත් ගෙවා ඇති අයගේ ඉදිරි බිල්පත්වලින් එය අඩු කරන බවත් සජිත් ප්‍රේමදාස පොරොන්දු වී සිටියා.
එසේම තම රජය යටතේ අනිවාර්ය ලෙසම ඉන්ධන මිල අඩු කරන බවත් එමඟින් අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අඩු කෙරෙන බවත් ඔහු සඳහන් කළා.

