2020 මහමැතිවරණය

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 03 පස්වරු 09.25ට)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම, එම කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගෝස්තු 03 දින බාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසුවේ ආචාර්ය දීපිකා උඩගමගේ ඉල්ලා අස්වීම පිළිබඳව අගෝස්තු 03 දින රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දුන් බවයි.

ඒ අනුව ආචාර්ය දීපිකා උඩගම 2020 සැප්තැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩගම 2015 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස පත් කරන ලදී.

Rivira FB Group Rivira Youtube
To Top