අපරාධ වාර්තා

කුඩු ඇද්ද පූසා හිරෙන් පනී, පූසා ජාත්‍යන්තර මාධ්‍ය කළඹයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 03 පස්වරු 10.47ට)

තහනම් ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට බළලෙකුගේ සිරුරේ ගැටගසා සූදානම් කර සිටියදී අගෝස්තු 01 දින බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාෙගෙන තිබුණා.

එහිදී එම බළලා ලවා හෙරොයින් මත්ද්‍රව්‍ය සහ සිම්කාඩ්පත් කිහිපයක් බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර තිබිය දී තම භාරයට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබූණි.

එහෙත් මේ වන විට වාර්තා වන්නේ අදාළ පූසා වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බවයි. එහිදී අදාළ බළලා රඳවා තිබූ කාමරයෙන් පැනගොස් ඇති බව වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට මෙම සිදුවීම ලොව පුරා මාධ්‍ය ආයතන විසින් ජාත්‍යන්තර සිරස්තලයක් බවට පත් කර ඇත්තේ මෙය අසාමාන්‍ය සිදුවීමක් බැවිනි. ලොව පුරා ජනප්‍රිය පුවත් හා කාලීන තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවල මෙම පුවත ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර තිබුණා.

උකුස්සාගෙන් පසු කුඩු බෙදන පූසෙක් වැලිකඩින් හමුවෙයි, වැඩි විස්තර මෙන්න

Rivira FB Group Rivira Youtube
To Top