2020 මහමැතිවරණය

9 වැනි පාර්ලිමේන්තුව කැඳවීම අගෝස්තු 20 බ්‍රහස්පතින්දා

(RIVIRA.LK, 2020 අගෝස්තු 04 පෙරවරු 09.14ට)

අගෝස්තු 05 බදාදා දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව කැඳවීම අගෝස්තු 20 වන බ්‍රහස්පතින්දා සිදුවන බව ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරයි.

ඒ බව දැක්වෙන අංක 2187/2 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අගෝස්තු 03 මධ්‍යම රාත්‍රියේ දී නිකුත් වී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top