(RIVIRA.LK, 2020 අගෝස්තු 05 පස්වරු 12.43ට)
සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙකු නාවලපිටිය පොලීසිය විසින් අගෝස්තු 05 පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස ඡායාරූපයක් ගන්නා බව දුටු ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපති විසින් එම පුද්ගලයා සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දුන් බව අප වාර්තාකරු සඳහන් කළා.
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර, නාවලපිටිය, ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ජන්දය සලකුණු කළ පුද්ගලයෙකි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගැනීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බවයි. එවැනි දෑ සිදුකරන්නන් සහ එම පත්‍රිකා සමාජ ජාල තුළට එක් කරන පුද්ගලයින් සහ ෆේස්බුක් පිටු ෆේස්බුක් ආයතනය හරහා සොයාගෙන නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියා.

