(RIVIRA.LK, 2020 අගෝස්තු 05 පස්වරු 01.13ට)
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන ඉරෝන් රණසිංහ හෙවත් “SF ලොක්කා“ නැමැත්තා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පොලීසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ ඔහු තවත් පුද්ගලයෙක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසළ දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. අගෝස්තු 05 පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඔවුන් ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන තිබෙනවා.

අනුරාධපුර ව්‍යාපාරික වසන්ත සොයිසා ඝාතනය කළ බවට “SF ලොක්කා” ඇතුළු 35 දෙනකුට පොලිසිය 2015 වසරේ දී අධිචෝදනා ගොනු කර තිබෙනවා.

