(RIVIRA.LK, 2020 අගෝස්තු 05 පස්වරු 01.55ට)
2020 මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී මේ වනවිට පැවැත්වෙයි.
මැතිවරණ කොමිසමේ දත්ත අනුව අගෝස්තු 05 පස්වරු 12 වනවිට මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් බහුතරයක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට තිහ ඉක්මවා තිබීම විශේෂත්වයක්.
මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථාන තුළින් කොරෝනා වෛරසය බෝ වීමේ කිසිඳු අවදානමක් නොමැති බැවින් බිය නැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙසයි.
පස්වරු 12 වන විට අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ පොළොන්නරුවෙන් වන අතර වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ නුවරඑළියෙනි.
පස්වරු 12 වන විට ඡන්දය භාවිතා කර ඇති ප්‍රතිශතයන් දිස්ත්‍රික්ක අනුව මෙසේය.
බස්නාහිර පළාත
- කොළඹ දිස්ත්‍රිත්ය – 34%
- ගම්පහ දිස්ත්‍රික්කය – 35%
- කළුතර දිස්ත්‍රික්කය – 35%
මධ්‍යම පළාත
- මාතලේ දිස්ත්‍රික්කය – 46%
- මහනුවර දිස්ත්‍රික්කය – 35%
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 48%
දකුණු පළාත
- ගාල්ල දිස්ත්‍රික්කය – 45%
- මාතර දිස්ත්‍රික්කය – 44%
- හම්බන්තොට දිස්ත්‍රික්කය – 40%
සබරගමුව පළාත
- කෑගල්ල දිස්ත්‍රික්කය – 43%
- රත්නපුර දිස්ත්‍රික්කය – 41%
වයඹ පළාත
- පුත්තලම දිස්ත්‍රික්කය – 35%
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 40%
ඌව පළාත
- බදුල්ල දිස්ත්‍රික්කය – 45%
- මොණරාගල දිස්ත්‍රික්කය – 40%
උතුරු මැද පළාත
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 35%
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 28%
උතුරු පළාත
- යාපනය දිස්ත්‍රික්කය – 35%
- වන්නි දිස්ත්‍රික්කය – 42%
නැගෙනහිර පළාත
- දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 40%
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 30%
- මඩකලපුව දිස්ත්‍රික්කය – 40%

