2020 මහමැතිවරණය

මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 71%යි, අඩුම ප්‍රතිශතය වයඹ පළාතෙන්

(RIVIRA.LK, 2020 අගෝස්තු 05 පස්වරු 07.15ට)

9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට පැවැත්වූ 2020 මහමැතිවරණය අගෝස්තු 05 පස්වරු 05.00ට අවසන් වූ බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී පැවති ඡන්ද විමසීමේ දී සමස්තයක් වශයෙන් 71% ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියා. කොරෝනා වසංගත තත්වයක් තුළ මෙතරම් ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම ජයග්‍රහණයක් බව ද මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ දත්ත අනුව අගෝස්තු 05 පස්වරු 05.00 වනවිට මැතිවරණ දිස්ත්‍රික්ක 22 ඡන්දය ප්‍රකාශ කිරීම පහත පරිදි සිදුවී තිබෙනවා.

අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එහිදී වයඹ පළාත ඡන්දය ප්‍රකාශ කිරීමේ අවම ප්‍රතිශතය වාර්තා කළ පළාත වී තිබෙනවා.

බස්නාහිර පළාත

  • කොළඹ දිස්ත්‍රිත්ය – 70%
  • ගම්පහ දිස්ත්‍රික්කය – 68%
  • කළුතර දිස්ත්‍රික්කය – 70%

මධ්‍යම පළාත

  • මාතලේ දිස්ත්‍රික්කය – 72%
  • මහනුවර දිස්ත්‍රික්කය – 72%
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 75%

දකුණු පළාත

  • ගාල්ල දිස්ත්‍රික්කය – 70%
  • මාතර දිස්ත්‍රික්කය – 71%
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 76%

සබරගමුව පළාත

  • කෑගල්ල දිස්ත්‍රික්කය – 70%
  • රත්නපුර දිස්ත්‍රික්කය – 71%

වයඹ පළාත

  • පුත්තලම දිස්ත්‍රික්කය – 64%
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 65%

ඌව පළාත

  • බදුල්ල දිස්ත්‍රික්කය – 74%
  • මොණරාගල දිස්ත්‍රික්කය – 75%

උතුරු මැද පළාත

  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 70%
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 72%

උතුරු පළාත

  • යාපනය දිස්ත්‍රික්කය – 67%
  • වන්නි දිස්ත්‍රික්කය – 73%

නැගෙනහිර පළාත

  • දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 73%
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 73%
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 76%
Rivira FB Group Rivira Youtube
To Top