(RIVIRA.LK, 2020 අගෝස්තු 07 පෙරවරු 02.00ට)
43 වසරක අපරාජිත දේශපාලන දිවිය නිමා කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජය වී තිබෙනවා.
2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව සියලුම දිස්ත්‍රික්කවලින් එක්සත් ජාතික පක්ෂය පරාජය වී තිබෙන අතර සිය ඡන්ද පදනම 2%ක පමණ ප්‍රතිශතයක් දක්වා පහත වැටී තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල දී අපේ ජනබල පක්ෂය ද එජාපයට ඉහළින් ඡන්ද ලබා තිබූ අතර බොහෝ දිස්ත්‍රික්කවල සිව්වැනි ස්ථානයට පත්ව තිබුණා.
පරාජය වූ එජාප අපේක්ෂකයින් අතර අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, වජිර අබේවර්ධන, පාලිත තෙවරප්පෙරුම, රුවන් විජේවර්ධන, දයා ගමගේ, අර්ජුන රණතුංග ඇතුළු ප්‍රබල දේශපාලනඥයින් රැසක් සිටිනවා.
ඡන්දෙයෙන් දිනූ එක් මන්ත්‍රීවරයෙක්වත් නොලැබුණත් බොහෝ දුරට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූරයක් හිමිවීමට ඉඩ තිබෙනවා.

