2020 General Election

තොන්ඩා නුවරඑළියෙන් පෙරට, මනාප ප්‍රතිඵල මෙන්න

2020 මහමැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජීවන් තොන්ඩමණ් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, සිවලිංගම් මුත්තු, කළාඳුගොඩ කංකානම්ගේ පියදාස, තිලකරාජා මයිල්වාගනම් පරාජයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • ජීවන් තොණ්ඩමන් – 109,155
  • සී.බී රත්නායක – 70,871
  • එස්.බී.දිසානායක – 66,045
  • මරදපාණ්ඩි රාමේෂ්වරන් – 57,902
  • නිමල් පියතිස්ස – 51,225

සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • පලනි දිගම්බරන් – 83,392
  • වේලුසාමි රාධක්‍රිෂ්ණන් – 72,167
  • එම්. උදයකුමාර් – 68,119
Rivira FB Group Rivira Youtube
To Top