නිමල් බදුල්ලෙන් පෙරට, මනාප ප්‍රතිඵල මෙන්න
2020 මහමැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු තරඟ නොකළ අතර රවී සමරවීර පරාජයට පත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- නිමල් සිරිපාල ද සිල්වා – 141,901
- සුදර්ශන දෙනිපිටිය – 71,766
- තේනුක විදානගමගේ – 68,338
- චාමර සම්පත් දසනායක – 66,393
- ඩිලාන් පෙර්රා – 53,081
- ජානක තිස්සකුට්ටිආරච්චි – 50,151
සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- වඩිවේලු සුරේෂ් – 49,762
- ඒ. අරවින්දකුමාර් – 45,491
- චමින්ද විජේසිරි – 36,291