(RIVIRA.LK, 2020 අගෝස්තු 08 පස්වරු 07.25ට)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස්ගතව රැඳී සිටින ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ කටයුතු නැවත අගෝස්තු 08 වැනි දින සිට යළි ආරම්භ විය.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු රජය මගින් ආරම්භ කළ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ කොවිඩ් – 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග එම කටයුතු තාවකාලිකව නතර කෙරුණි.
අනතුරුව අවස්ථා කිහිපයක දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සිදුකළ ද මහ මැතිවරණය හේතුවෙන් පසුගිය සතිය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව නතර කෙරුණු බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේය.
ඒ අනුව, අගෝස්තු 08 වැනි දින දහවල් ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 123 දෙනෙකු මත්තල ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ. එම පිරිස දහවල් 2.00 ට පමණ ඉන්දියාවේ විශාඛාපට්නම් ගුවන් තොටුපළේ සිට මත්තලට පැමිණ ඇත.
මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු ද අගෝස්තු 08 වැනිදා සවස පැමිණ තිබේ. මෙම පිරිස සවස 3.30 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔවුන් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි පිරිසක් බව වාර්තා වේ.
මෙම පිරිස පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර තිබෙනවා.

