(RIVIRA.LK, 2020 අගෝස්තු 08 පස්වරු 08.13ට)
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන අගෝස්තු 08 පස්වරු 7.00වන විට 2841 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අගෝස්තු 08 වන දින මෙතෙක් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
වාර්තා වූ රෝගීන් දෙදෙනාම සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
අගෝස්තු 08 වන දින පෙරවරු 10.00 වන විට ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 254ක් වේ.
තවත් පුද්ගලයින් 51 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.

