2020 මහමැතිවරණය

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වේ

(RIVIRA.LK, 2020 අගෝස්තු 10 පස්වරු 02.44ට)

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය, නීතිඥ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව එහි මහ ලේකම් අකිල විරාජ් කාරියාවසම් පවසනවා.

1994 නොවැම්බර් 12 දින එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූ රනිල් වික්‍රමසිංහ පක්ෂයේ 7 වැනි නායකයා වේ.

සිරිකොත මූලස්ථානයේ පැවති විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ඒ බව පක්ෂ නායකත්වය විසින් දැනුම් දුන් බව අගෝස්තු 10 දින පැවති එම රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා පැවසුවේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා රවී කරුණානයක, දයා ගමගේ, වජිර අබේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන නම් 4 ඉදිරිපත් වී ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළා.

එසේම නවීන් දිසානායක සහ රුවන් විජයවර්ධන පත්වන නව නායකයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළා.

එජාප නව නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීමට අගෝස්තු 12 වන බදාදා දින යළිත් කෘත්‍යාධීකාරි මණ්ඩලය රැස්වීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top