(RIVIRA.LK, 2020 අගෝස්තු 10 පස්වරු 06.00ට)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩලය පත් කිරීම අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේ දී සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය අගෝස්තු 10 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව කැබිනට් අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ විෂයපථය සහ ව්‍යුහය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් අගෝස්තු 10 දින ප්‍රකාශයට පත් කර ඇති බව ද ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය.
මින් පෙර සිදු වූයේ අමාත්‍යවරුන් පත් කර දින කිහිපයකට පසු අමාත්‍යංශ විෂය පථය ගැසට් කිරීමට වුවද රාජ්‍ය ප්‍රතිපත්තිය වඩාත් නිවැරදිව දැක්වීමක් ලෙස අමාත්‍යංශ විෂයපථය අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට පෙරම ප්‍රකාශයට පත් කිරීමට නව රජය කටයුතු කර තිබීම විශේෂත්වයකි.
එයින් අදහස් වන්නේ පුද්ගල ඕනෑ එපාකම් මත නොව රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුව විෂයපථයන් බෙදී යන බවයි. මෙය “යහපාලන රජය” ලෙස නාම කරණය කරගනිමින් පත් වූ රජය විසින් ඉටු නොකළ යහපාලන සංකල්පයකි. ඉදිරියේ දී අමාත්‍යංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සඳහන් කිරීමේ ප්‍රතිපත්තිය සඳහා ආරම්භයක් ලෙස රජයේ මෙම තීරණය හඳුනාගත හැක.
අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇති අතර අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අනුව නවකයින් කිසිවෙකුට කැබිනට් අමාත්‍යධූර නොලැබෙනු ඇති බව ද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන අතර වියත්මග, එළිය හා යුතුකම ඇතුළු සංවිධාන හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට රාජ්‍ය අමාත්‍යංශ හිමිවනු ඇති බව ද පැවසේ.
අමාත්‍යංශ හා ඊට අදාළ විෂයපථය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
2187-27_S.pdf by Rivira Media on Scribd

