දේශීය පුවත්

ගාමිණී සෙනරත් යළිත් අග්‍රාමාත්‍ය ලේකම්ධූරයට පත් කෙරේ

(RIVIRA.LK, 2020 අගෝස්තු 10 පස්වරු 06.44ට)

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස නැවත වරක් ගාමිණී සේදර සෙනරත් පත්කළ බව අගෝස්තු 10 දින ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස 2005 සිට 2015 වසර දක්වා කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරියෙකු වේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් 1984 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අතර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු වශයෙන් රාජකාරි අරඹා තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිධරයෙකු වන ඔහු තවත් දේශීය හා විදේශීය පාඨමාලා රැසක් ද හදාරා ඇත.

රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක ඉහළ තනතුරු හොබවා ඇති ගාමිණී සේදර සෙනරත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්ට්‍රෝ ගෑස් සමාගම සහ මහජන බැංකුව වැනි අර්ධ රාජ්‍ය ආයතන සහ සමාගම් රැසක ද සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top