ජීවිතය

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සමුගනී

(RIVIRA.LK, 2020 අගෝස්තු 11 පස්වරු 05.12ට)

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 62 හැවිරිදි වියේ පසු වූ ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යයන කටයුතුවල නිරත වූ අතර සිය ආචාර්ය උපාධිය ලබා ඇත්තේ ද ජපානයේ විශ්වවිද්‍යාලයකිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇති ඔහු යහපාලන රජය යටතේ කෙටි කාලයක් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා වශයෙන් ද සේවය කළේ ය.

පසුව ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top