News

රනිල්, සාගල හා රුවන් පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසම හමුවට කැඳවයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 11 පස්වරු 08.43ට)

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අගෝස්තු 21 දින ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

එසේම හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනට අගෝස්තු 18 දිනත් හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක අගෝස්තු 21 දිනත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා.

එසේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන 08 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර අගෝස්තු 11 දින ඔහුගේ සාක්ෂි විමසීමත් මාධ්‍යයට අනාවරණය කළේ නැත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top