2020 මහමැතිවරණය

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යවයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 13 පස්වරු 01.16ට)

2020 අගෝස්තු 05 දින පැවැත්වූ මහමැතිවරණයෙන් 09 වැනි පාර්ලිමේන්තුව සඳහා සමගි ජන බලවේගය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දිනා ගැනීමට සමත් විය. ඒ අනුව එම පක්ෂයෙන් ඒ සඳහා මේ වන විට 07 දෙනෙකු නම් කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියා.

අදාළ නාම ලේඛනය අගෝස්තු 13 දිනය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ද නියමිතයි.

කෙසේ වෙතත් මේ සඳහා මුලින්ම 07 දෙනෙකු නම් කළ ද සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ සුළු පක්ෂ තම නියෝජිතයින්ට අවස්ථාව ඉල්ලීමත් සමග දැඩි ආරවුලක් හටගෙන තිබුණා. කෙසේ වෙතත් අවසානයේ එම පිරිස තෝරා ගැනීමට පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට බාර දුන් බව එම පක්ෂ නායකයින් පැවසුවා.

ඒ අනුව තෝරාගත් 07 දෙනා වන්නේ,

  1. රංජිත් මද්දුම බණ්ඩාර – පක්ෂ මහලේකම්
  2. හරීන් ප්‍රනාන්දු
  3. ඉමිතියාස් බාකිර් මාකාර්
  4. එරාන් වික්‍රමරත්න
  5. තිස්ස අත්තනායක
  6. මයන්ත දිසානායක
  7. ඩයනා ගමගේ
Rivira FB Group Rivira Youtube
To Top