දේශපාලන

ජනතාවට වියත්මග පෙන්නලා පරණ අයටම ඇමතිකම් දීලා – හරීන් ප්‍රනාන්දු

(RIVIRA.LK, 2020 අගෝස්තු 13 පස්වරු 05.41ට)

තේක්ක, බුරුත හා නැදුන්වලින් හදනවා කී කැබිනට්ටුව පිත්තල හා මැටිවලින් තනා ඇති බව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

අගෝස්තු 13 දින පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වියත්මගේ කිසිවෙකු කැබිනට් මණ්ඩලයේ නොමැති බවයි. වියත්මග ජනතාවට පෙන්වා පරණ අයවම කැබිනට් මණ්ඩලයට පත් කර ඇති බව ඔහු කියා සිටියා.

එසේම ලබා දී ඇති ඇමති තනතුරු ද ලොව කිසිඳු රටක නොමැති ආකාරයේ විෂයන් යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා. ආණ්ඩුව විසින් ජනතාවට රැවටීමට උත්සාහ කර ඇති බව මේ සියලු කරුණු වලින් පෙනී යන බවත්, මහ විශාල ජනතාවක් ලබාදුන් ජනවරමට හිනාවීමක් සිදුවූවාද යන ප්‍රශ්නය ඇති වූ බවත් හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top