,
News

MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළවන මාධ්‍ය වාර්තා නීතිපතිවරයා ප්‍රතික්ෂේප කරයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 14 පස්වරු 05.23ට)

තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසනවා.එමෙන්ම, ඔහු සඳහන් කරන්නේ, MCC ගිවිසුම පිළිබඳ ව තමන් තවමත් කරුණු හදාරමින් සිටින බවයි.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කරමින් පැවසුවේ 2018 වසරේ දී නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් මෙම කරුණු මාධ්‍ය තුළ ප්‍රචාරය වු බවයි.

තවද, එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ, “මෙම ගිවිසුමේ ව්‍යවස්ථානූකූලභාවය සම්බන්ධයෙන් කිසිදු දෙයක් ප්‍රකාශ වී නොමැති බවයි“ යනුවෙන් ද ඇය සඳහන් කළාය. ඒ අනුව, දැනට පවතින තත්ත්වය අනුව නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා ඇතැයි ද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

මීට අමතරව, ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ද ලැබීමෙන් අනතුරුව එම කරුණු ද සැලකිල්ලට ගෙන MCC ගිවිසුමේ නීත්‍යානූකූලභාවය පිළිබඳ රජයේ අදාළ පාර්ශවකරුවන් ට නීතිපති උපදෙස් ලබා දීමට නියමිත බව ද ඇය පැවසුවාය.

Rivira Ads
To Top