(RIVIRA.LK, 2020 අගෝස්තු 14 පස්වරු 06.48ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 14 වන සිකුරාදා පස්වරු 05.30 වන විට 2,886ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,658කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 217ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 55ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 92%ක් ලෙසත් මරණ අනුපාතය 0.38%ක් ලෙසත් වාර්තා වේ.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 12 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- ජාතික බෝවන රෝග විද්‍යායතනය – 01
- වැලිකන්ද මූලික රෝහල – 03
- ඉරණවිල රෝහල – 01
- මිනුවන්ගොඩ මූලික රෝහල – 04
- යුද හමුදා මූලික රෝහල (පනාගොඩ) – 02
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය -01
මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,886 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- කන්දකාඩු කොරෝනා පොකුර – 630
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 960
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 33
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
- වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
ඒ අනුව, අගෝස්තු 14 වන දින පෙරවරු 10.00 වන විට දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 213 අතුරින්,
- IDH රෝහල – 18
- වැලිකන්ද මූලික රෝහල – 57
- මුල්ලේරියාව මූලික රෝහල – 01
- ඉරණවිල මූලික රෝහල – 12
- කාත්තන්කුඩි මූලික රෝහල – 00
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 22
- යුද හමුදා රෝහල පනාගොඩ – 00
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 00
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 103 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 182,681ක් වන අතර අගෝස්තු 13 දින පරීක්ෂණ 2,732ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

