(RIVIRA.LK, 2020 අගෝස්තු 15 පස්වරු 07.12ට)
වන සම්පත ආරක්ෂා කර ගැනීමට මෙන්ම වනයේ ජීවත් වෙන සතුන් ආරක්ෂා කරගැනීමේ විශේෂ වූත් භාර ධූර කර්තව්‍යයක් තමා වෙත පැවරී ඇති බව වන ජීවි අමාත්‍ය සී.බී.රත්නායක සඳහන් කරයි. එමෙන්ම, නුවරඑළියේ ඉදිකිරීමට යෝජිත විශ්වවිද්‍යාලය වන සම්පත් ආශ්‍රිත විශ්වවිද්‍යාලයක් වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටී.
ඔහු මේ බව සඳහන් කළේ නව වනජීවී අමාත්‍යවරයා ලෙස අගෝස්තු 14 වන සිකුරාදා දිනයේ වැඩ භාරගත් අවස්ථාවේදී ය.
සමස්ත රාජ්‍ය සේවයේම වැඩමුළු පවත්වන ස්ථානයක් මනහර සුන්දර පරිසරය ආශ්‍රිතව මානසික ඒකාග්‍රතාවය රැකගනිමින් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට සූදානම් බවත්, ජනපතිගේ සහ අගමැතිගේ වගකීම හරි ආකාරව ඉටු කරමින් පාංශු ඛාදනය නතර කිරීමට, ඒ සදහා නිසි වැඩපිළිවෙලවල් සකස් කිරීමට, ජලය බැස යාමේදී ජලයෙන් වන හානි අවම කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
සමස්ත කැබිනට් මණ්ඩලයටම අවශ්‍ය දෙයක් වන වන සම්පත සහ පරිසරය ආරක්ෂා කරගැනීම සදහා සෑම අමාත්‍යංශයක් සමඟ ම එක්ව කටයුතු කිරීමට ද සූදානම් බව අවධාරණය කළේය. ඉදිරියේදී උපදින සෑම දරුවෙකු සදහාම සෞඛ්‍ය ක්ෂේත්‍රය සමග සම්බන්ධ වෙමින් මතක සිහිවටනයක් ලෙස රෝපණය කරගැනීමට පැළයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද, වල් අලි, රිලවුන්, ඉත්තෑවන්, ඌරන්, මොණරුන් ආදී වන සතුන්ගෙන් සිදුවන හානිය පිළිබද වැඩපිළිවෙලවල් සකස් කිරීමට ද අපේක්ෂිත බව අවධාරණය කළේය.
සිය අමාත්‍යංශයට අයත් සෑම නිලධාරියෙකුම රැකීම, ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අභිවෘද්ධිය සදහා වන සෑම කටයුත්තක් වෙනුවෙන්ම නොපැකිළව කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවේය.
ඔප්පුවක් නැති, බලපත්‍රයක් නැති සෑම පුරවැසියෙකු සදහාම බිම් සවිය සකස් කරමින් ඔවුන් හට අවස්ථාව සලසා දීමටත්, තම දිස්ත්‍රික්කයේ සමනල කන්ද පිහිටා ඇති බැවින් ජල මූලාශ්‍ර සිදී නොයන පරිදි ආරක්ෂා කරගනිමින් සමස්ථ රටටම එම කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන බව වනජීවී ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

