(RIVIRA.LK, 2020 අගෝස්තු 16 පෙරවරු 10.28ට)
නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අගෝස්තු 20 වන දින ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර පළමු වරට පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ ලියාපදිංචිය සිදු කෙරුණේ මාර්ගගත (ඔන් ලයින්) ක‍්‍රමයටයි. අගෝස්තු 15 වන සෙනසුරාදා දින පස්වරුව වනවිට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මන්තී‍්‍රවරුන්ගෙන් වැඩි පිරිසක් ඒ ඔස්සේ සිය දත්ත සහ තොරතුරු ඇතුළත් කිරීම සිදුකර තිබෙනවා.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල අදහස් පළ කරමින් සඳහන් කළේ, වයස අවුරුදු 30ත් 31ත් අතර මන්ත්‍රීවරු 40ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන බවයි. එමෙන්ම, වයස අවුරුදු 50ට අඩු මන්ත්‍රීවරු 87ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
එහිදී, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල “අවුරුදු 30ට වඩා අඩු මන්ත්‍රිවරු 05 දෙනෙක් දැනට ප්‍රකාශිත මන්ත්‍රි සංඛ්‍යාවේ සිටිනවා. 21ක් දෙනෙක් අවුරුදු 30ත් 31ත් 40ත් අතර ඉන්නවා. අවුරුදු 41ත් 50ත් අතර 60 දෙනෙක් ඉන්නවා. 51ත් 60ත් අතර 54 දෙනෙක්, 61ත් 70ත් අතර 37 දෙනෙක් සිටිනවා. 71 සහ 80 අතර 09 දෙනෙක්, අවුරුදු 80 සහ 90 අතර 03 දෙනෙකුත් සිටිනවා. සමස්ථයක් ලෙස ගත්තාම අවුරුදු 50ට අඩු සංඛ්‍යාව 87ක් පමණ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.” යනුවෙන් පැවසුවා.
පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

