රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 494 දෙනෙකු දිවයිනට
(RIVIRA.LK, 2020 අගෝස්තු 16 පෙරවරු 10.45ට)
විදෙස් රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 494 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් අගෝස්තු 16 අළුයම සහ අගෝස්තු 15 දින රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 322 දෙනෙකුත් කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 22 දෙනෙකුත් රැගත් ගුවන් යානා අගෝස්තු 16 අළුයම දිවයිනට පැමිණ තිබේ. ඊට අමතරව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් අගෝස්තු 15 රාත්‍රියේ දිවයිනට පැමිණි තිබේ.
දිවයිනට පැමිණි සියලු ගුවන් මගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර ඇති බව වාර්තා වේ